2026 ඔක්තෝබර් 8 වැනිදා අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පෞද්ගලික බස් රථය මෝටර් රථ පරීක්ෂකවරයෙකු යටතේ පරීක්ෂාවට ලක්කර තිබේ.
එහිදී අදාළ පෞද්ගලික බස් රථය නිසි පරිදි නඩත්තු කර නොතිබූ බවට නිර්දේශ කරමින් මෝටර් රථ පරීක්ෂකවරයා විසින් තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
අතුරුගිරිය–පිටකොටුව මාර්ගයේ ධාවනය වන මෙම පෞද්ගලික බස් රථය අතුරුගිරිය බස් නැවතුම්පොළේ නවතා ප්‍රධාන මාර්ගය හරහා පසුපසට ගැනීමේදී මිලේනියම් සිටි–පිටකොටුව මාර්ගයේ ධාවනය වූ බස් රථයක ගැටී තිබේ.
අනතුර සිදුවූ ආකාරය දැක්වෙන CCTV දර්ශන ලබාගෙන ඇති අතුරුගිරිය පොලිසිය, සිද්ධිය සම්බන්ධයෙන් 2026 ඔක්තෝබර් 9 වැනිදා කඩුවෙල අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරයි.
බස් රථ දෙකේම රියදුරන් මත්ද්‍රව්‍ය පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර, එම පරීක්ෂණ වාර්තා අනුව රියදුරන් කිසිවෙකු මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බව තහවුරු වී තිබේ.














