මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා අධිකරණ සේවයේ දැරූ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඔහුට එරෙහිව එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබාගැනීමේ සිද්ධියක් ඇතුළු චෝදනා කිහිපයක් තිලිණ ගමගේ මහතාට එරෙහිව එල්ල වී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් මීට පෙර ඔහුගේ වැඩ තහනම් කිරීමටද අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබුණි.














