මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂසහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, දේශප්‍රේමී සිංහල නායකයන්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කර තිබේ.
‘බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම හා සිංහල බෞද්ධ උරුමයන් සුරැකීමේ ජාතික මහා සමුළුව’ අද (12) පස්වරුවේ කොළඹදී පැවති අතර, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් එය සංවිධානය කර තිබුණි. මහා සංඝරත්නය සහ දේශපාලනඥයන් ඇතුළු පාර්ශ්ව රැසක් එක්ව සිටි මෙම සමුළුව අමතමින් හිටපු අගවිනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේ පූජ්‍ය දალුවේගම ඥානසාර හිමියන්ට ලබා දී ඇති දඬුවම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බවයි. උසාවියට අපහාස කිරීමක් සම්බන්ධයෙන් නීතියෙන් ලබා දිය හැක්කේ උපරිම මාස 18ක දඬුවමක් වුවද, අභියාචනාධිකරණයේ සභාපතිවරයා විසින් ඊට වඩා වැඩි අවුරුදු 6ක දඬුවමක් ලබා දී ඇති බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.














