යුනෙස්කෝ ලෝක උරුමයක් වන සමනල රක්ෂිතයට අයත් ඇඳිරිකැලේ ප්රදේශයේ ඉඩමක් අනවසරයෙන් එළිපෙහෙළි කළ සැකකරුවෙකු සමනල අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රත්නපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
නිසි අවසරපත්රයක් නොමැතිව රක්ෂිතයට ඇතුළු වීම, රැඳී සිටීම, ඉඩම් එළි කිරීම සහ පැලෑටිවලට හානි කිරීම යන චෝදනා යටතේ පසුගිය (12) වන දින සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු විසින් වරද පිළිගනු ලැබූ අතර, එහිදී ගරු මහේස්ත්රාත්වරයා විසින් රුපියල් 55,000ක දඩ මුදලක් නියම කර ඇත. සමනල අඩවි ආරක්ෂක කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී ඩබ්.පී.ජේ. පුෂ්පමාල් මහතාගේ මෙහෙයවීමෙන් වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.
පාරිසරික දායාදයන් රැකගැනීම සඳහා මෙවැනි නීතිවිරෝධී කටයුතු පිළිබඳව තොරතුරු වෙතොත් 1992 හදිසි දුරකථන අංකය අමතන ලෙස වනජීවී දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.


















