වයඹ වනජීවී කලාප කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (13) සිදුකළ විශේෂ පරීක්ෂාවකදී දැදුරුඔය නිම්නයේ දකුණු ඉවුරේ පිහිටි පෞද්ගලික ඉඩමක තිබී නීතිවිරෝධී මෙවලම් රැසක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වන අලි නිරන්තරයෙන් ගමන් කරන මෙම ප්රදේශයේ තිබී පතොරම් තුවක්කුවක්, SG පතොරම් තොගයක්, බඳින බට 04ක්, හක්කපටස් 03ක් සහ මද්දක් ඇතුළු නඩු භාණ්ඩ රැසක් වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන ඇත. වැටලීම අතරතුර එක් සැකකරුවෙකු පළාගොස් ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමටත් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.


















