ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වමින් කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
පොලිසිය විසින් කළ ඉල්ලීමකට අනුව මෙම අධිකරණ නියෝගය ලබාදී ඇත.
අධි ආරක්ෂිත කලාපයක් ලෙස සැලකෙන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට ඉඩ නොදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබූ බව වාර්තා වේ.
















