කන්දකැටියේ සිට මහියංගණය දක්වා අද (17) උදෑසන ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක කාර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුරින් කාර් රථයේ රියදුරු සහ එහි ගමන් කළ කාන්තාවක් තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්රතිකාර සඳහා මහියංගණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරට සම්බන්ධ කාර් රථය පොලිස් නිලධාරියෙකුට අයත් බවට වාර්තා වන නමුත්, අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
ලංගම බස් රථයේ ගමන් කළ කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණය පොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
















