ශ්රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුත්තලම පෙරියපාඩු වෙරළබඩ ප්රදේශයේ තිබී කෙන්ඩු කොළ කිලෝග්රෑම් 125කට අධික තොගයක් සොයාගෙන තිබේ.
ඔක්තෝබර් 16 වැනිදා උදෑසන වයඹ නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනයේ නිලධාරීන් සහ වෙරළාරක්ෂක නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම සිදුකර ඇත.
එහිදී වෙරළ තීරයේ තිබූ සැකකටයුතු ගෝනි තුනක් පරීක්ෂා කිරීමේදී මෙම කෙන්ඩු කොළ තොගය හමුවී තිබේ. ප්රදේශයේ නාවික හමුදා නිරීක්ෂණ කටයුතු තීව්ර කිරීම හේතුවෙන් ජාවාරම්කරුවන් මෙම තොගය අතහැර දමා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පළ කරයි.
සොයාගත් කෙන්ඩු කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදී තිබේ.
















