නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ සැකකරුවෙකු වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2026 ඔක්තෝබර් 16 වැනිදා සවස ගල්කිස්ස පොලිස් වසමේ කළුබෝවිට ප්රදේශයේදී ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. එහිදී නීති විරෝධී මත්පැන් බෝතල් 100ක අඩංගු මත්පැන් ලීටර් 75ක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 46ක් වන කළුබෝවිල, දෙහිවල ප්රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිසිය විසින් සිදුකරනු ලබයි.
















