අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් රුසියාව සමඟ ඇති කරගත් ඩීසල් ගිවිසුම දැඩි ලෙස විවේචනය කර ඇති යුක්රෙන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි, රුසියාවේ සාම සාකච්ඡා පිළිබඳ ස්ථාවරය සැබෑ සාම ප්රයත්නවල “විකාරයක්” (parody) පමණක් බව පවසා තිබේ.
බ්රසල්ස් නුවර පැවති යුරෝපා සංගම් සමුළුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළ අතර, රුසියානු තෙල් පිරිපහදු වෙත යුක්රේනය එල්ල කරන ප්රහාර “අපරාධයක්” ලෙස ට්රම්ප් විසින් නැවත වරක් විවේචනය කිරීමත් සමඟ යුරෝපා නායකයෝ සෙලේන්ස්කි වටා එක්වී සිටිති. මෙම ඩීසල් ගිවිසුම හරහා නැවතත් රුසියාවට මුදල් ගලා ඒම ආරම්භ වන බවත්, එයින් “පුටින්ගේ සාක්කුවට” යුද්ධය සඳහා තවත් මුදල් වැටෙනු ඇති බවත් සෙලේන්ස්කි පෙන්වා දී ඇත. මේ අතර, රුසියානු ප්රහාර හේතුවෙන් යුක්රේනයේ නගර රැසක විදුලිය විසන්ධි වී ඇති අතර, ලබන වසර සඳහා යුක්රේනයට යුරෝ බිලියන 70ක පමණ අතිරේක ආධාර අවශ්ය වන බවද ඔහු අවධාරණය කර තිබේ.














