2026 මැයි මාසයේ සිදුවූ මාරක රිය අනතුරක් සම්බන්ධ තොරතුරු සැඟවූ බවට සැකපිට හිමිනමක් සහ රියැදුරකු කුඩාඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ 2026 මැයි 23 වැනිදා තෙළුල්ල ප්රදේශයේදීය. බොලෙරෝ වර්ගයේ කැබ් රථයකට යටවීමෙන් තෙළුල්ල ප්රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි ජෝතිපාල නමැති පුද්ගලයා අනතුරට ලක්ව තිබේ.
තුවාල ලැබූ පුද්ගලයා මාර්ගය අසල වැටී සිටි බව පවසමින් තෙළුල්ල බෝධිරුක්ඛාරාමයේ විහාරාධිපති හිමියන් විසින් ඔහු තණමල්විල ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ සඳහන් වේ. පසුව හම්බන්තොට දිස්ත්රික් රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මැයි 29 වැනිදා ඔහු මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව, අසත්ය තොරතුරු ලබාදී අපරාධයක් සැඟවීමට සම්බන්ධ වූ බවට සැකපිට හිමිනම සහ රියැදුරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. කුඩාඔය වැඩබලන පොලිස් ස්ථානාධිපති පී. එම්. ගාමිණී මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන ක්රියාත්මක වේ.
















