ජනාධිපති අරමුදල මගින් විශ්වවිද්යාල සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන යටතේ රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316 දෙනකුට ඇස් කණ්ණාඩි ප්රදානය කිරීම හෙට (17) සිදු කිරීමට නියමිතය.
ඇස් කණ්ණාඩි අවශ්ය සියලු විශ්වවිද්යාල සිසුන්ට ඒවා ලබාදීමේ අරමුණින් ක්රියාත්මක මෙම වැඩසටහනේ පළමු අදියර සඳහා රජරට විශ්වවිද්යාලය තෝරාගෙන තිබේ. ඒ අනුව, එම විශ්වවිද්යාලයේ සිසුන් සඳහා අක්ෂි පරීක්ෂණ පසුගිය සැප්තැම්බර් 19 වැනිදා සිදුකර ඇත.
වැඩසටහනේ දෙවැනි අදියර ඔක්තෝබර් 10 වැනිදා රුහුණු විශ්වවිද්යාලයේදී පැවැත්වුණු අතර, බ්රිතාන්යයේ Stroud Rotary Club සහ Wish පදනමේ දායකත්වයෙන් මෙම වැඩසටහන ක්රියාත්මක වේ.
අක්ෂි පරීක්ෂණවලට ලක්වූ රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316 දෙනාට අවශ්ය ඇස් කණ්ණාඩි හෙට එම විශ්වවිද්යාලයේදී ප්රදානය කිරීමට නියමිතය.
















