අමෙරිකානු කොංග්රසය පසුගිය මාසයේදී සම්මත කළ නව සම්බාධක පනතේ විධිවිධානවලින් රුසියාව නිදහස් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඊයේ (16) රාත්රියේ විධායක නියෝගයකට අත්සන් තබා ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
අමෙරිකාවේ ගෑස් මිල අඩු කර ගැනීම සඳහා රුසියාවේ සහාය අපේක්ෂා කරන පසුබිමක මෙම පියවර ගෙන ඇති බවත්, එමඟින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ රජයට ආර්ථික සහනයක් හිමිවන බවත් වාර්තාවේ සඳහන් වේ.
රුසියානු නිලධාරීන්, ප්රකෝටිපතියන් සහ මූල්ය ආයතන ඉලක්ක කර ගනිමින් මෙම නව සම්බාධක පනත සකස් කර තිබූ අතර, එය රුසියාව යුක්රේනයට එරෙහිව ගෙන යන යුද්ධයට ලැබෙන මූල්ය සහාය සීමා කිරීම අරමුණු කරගෙන ඇත.
එම පනත මඟින් රුසියාව සමඟ අඛණ්ඩව වෙළෙඳාම් කරන රටවල් සඳහා අමතර තීරුබදු පැනවීමටද අමෙරිකානු ජනාධිපතිවරයාට බලතල ලබාදී තිබේ.
















