මත්ද්රව්ය සැපයුම අඩාල කිරීම, මත්ද්රව්ය සඳහා ඇති ඉල්ලුම අවම කිරීම සහ මත්ද්රව්යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම ඇතුළු අරමුණු රැසක් මුල් කරගනිමින් ක්රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුමේ 2026 ඔක්තෝබර් 15 වැනිදාට අදාළ දෛනික වාර්තාව පොලිසිය විසින් නිකුත් කර තිබේ.
2025 ඔක්තෝබර් 30 වැනිදා ආරම්භ කළ මෙම මෙහෙයුම යටතේ පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා මත්ද්රව්ය නිවාරණ වැටලීම් සහ විමර්ශන ක්රියාත්මක කෙරේ.
පොලිසිය නිකුත් කළ වාර්තාවට අනුව, අදාළ දිනයේදී සිදුකළ වැටලීම් 645කදී සැකකරුවන් 657 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් දෙදෙනකු පිළිබඳවද වාර්තා වේ.
එම මෙහෙයුම්වලදී හෙරොයින්, අයිස්, කොකේන්, ගංජා, ගංජා පැළ, කුෂ්, හෂීෂ්, මත්පෙති, මදනමෝදක සහ මාවා ඇතුළු මත්ද්රව්ය වර්ග සම්බන්ධයෙන් වැටලීම් සිදුකර තිබේ.
මත්ද්රව්ය ජාවාරම මැඩපැවැත්වීම, මත්ද්රව්ය භාවිතය වැළැක්වීමේ නිවාරණ වැඩසටහන් ක්රියාත්මක කිරීම සහ මත්ද්රව්යවලට එරෙහිව ප්රජාව බලගැන්වීම මෙම ජාතික මෙහෙයුමේ ප්රධාන අරමුණු වේ.
















