නවගමුව, මහවෙල ප්රදේශයේ කැලෑවක සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත මයික්රෝ වර්ගයේ පිස්තෝලයක් අතුරුගිරිය පොලිසිය විසින් සොයාගෙන තිබේ. පොලිස් නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි කිරීමකදී මෙම ගිනිඅවිය සොයාගෙන ඇත.
පොලිසිය සඳහන් කළේ සොයාගත් පිස්තෝලයේ අංකය මකා දමා තිබූ බවයි. එම ගිනිඅවිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
ගිනිඅවිය අදාළ ස්ථානයේ සඟවා තැබූ පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.













