බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මහා විහාරවංශික ශ්රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අතිපූජ්ය කරගොඩ උයන්ගොඩ මෛත්රී මූර්ති මහානායක ස්වාමීන් වහන්සේ ඊයේ (17) බැහැදැක තිබේ.
එහිදී රට තුළ වර්තමානයේ පවතින ආගමික ව්යාකූල තත්ත්වයන් රටේ ඉදිරි ගමනට බාධාවක් බව පෙන්වා දුන් මහානායක ස්වාමීන් වහන්සේ, එම තත්ත්වයන් විසඳීම සඳහා රජය කඩිනමින් මැදිහත් වී කටයුතු කරන ලෙස අමාත්යවරයාට අනුශාසනා කර තිබේ.
මෙම අවස්ථාවට බලංගොඩ පාර්ලිමේන්තු මන්ත්රී වසන්ත පුෂ්පකුමාර මහතා සහ බලංගොඩ නගර සභාවේ සභාපති පේෂල නිකලන්ද මහතා ද එක්ව සිටියහ.














