ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් හපුතලේ නගරයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පිහිටි නිවාස දෙකක් මතට පස් කඳු කඩා වැටී තිබේ. මෙම අනතුරින් නිවාස දෙකට අර්ධ වශයෙන් හානි සිදුව ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, පස් කඳු කඩා වැටීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානි සිදුව නොමැති බව ප්රදේශයේ වාර්තාකරු සඳහන් කළේය. පවතින තද වර්ෂාපතනය හේතුවෙන් ප්රදේශයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී තිබේ.
මේ අතර, මාර්ගයක ධාවනය වෙමින් තිබූ ත්රිරෝද රථයක් මතට ගල් පෙරළීමෙන් එම රථයට ද හානි සිදුව ඇත. අධික වර්ෂාවත් සමඟ ප්රදේශයේ මාර්ග හා නිවාස ආශ්රිතව අවදානම් තත්ත්වයන් මතුව ඇති බව වාර්තා වේ.














