ඉරානය සිය න්යෂ්ටික වැඩසටහන අත්හැර එකඟතාවකට පැමිණිය යුතු බවත්, එසේ නොවුවහොත් විනාශකාරී හමුදාමය ක්රියාමාර්ගයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්රකාශ කර තිබේ. ඇමෙරිකානු විශ්වවිද්යාලයක පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
ඉරානය මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් තීරණයක් ගත යුතු බව ද හෙග්සෙත් අවධාරණය කර තිබේ. ඉරානයේ න්යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ස්ථාවරය පැහැදිලි කරමින් ඔහු මෙම ප්රකාශය සිදුකර ඇත.
මේ අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ඇමෙරිකානු බලය යළි තහවුරු කිරීමේ ප්රතිපත්තිය යටතේ දකුණු ඇමෙරිකානු කලාපය තුළ ඉරානය, චීනය සහ රුසියාව සතු බලපෑම සීමා කිරීමට කටයුතු කරන බව ද හෙග්සෙත් ප්රකාශ කර ඇති බව විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කරයි.














