තංගල්ල මූලික රෝහලේ ප්රතිකාර සේවා පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 3,090ක පිරිවැයකින් තට්ටු නවයකින් සමන්විත ශල්ය වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මෙම වසර අවසානයේ ඉදිකිරීම් ආරම්භ කර අදියර හතරක් යටතේ ව්යාපෘතිය නිම කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.
සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා තංගල්ල මූලික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ පැවති කළමනාකරණ කමිටු රැස්වීමේදී රෝහලේ පවතින ගැටලු සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව සාකච්ඡා කර තිබේ.
ඇඳන් 339ක ධාරිතාවකින් යුත් තංගල්ල මූලික රෝහලේ ඉඩකඩ සීමාවන් හේතුවෙන් ප්රතිකාර සේවා පවත්වාගෙන යාමේදී මතුවන දුෂ්කරතා ද මෙහිදී අවධානයට ලක්ව ඇත. ශල්ය වාට්ටු සංකීර්ණයට අමතරව තට්ටු පහකින් සමන්විත වෛද්ය වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම පිළිබඳව ද සාකච්ඡා කර ඇති අතර, මෙම ව්යාපෘති මඟින් රෝහලේ භෞතික පහසුකම් පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.














