බගවන්තලාව ප්රදේශයට ඊයේ (17) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් පහත් බිම්වල පිහිටි මාර්ග රැසක් ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් එම මාර්ග ඔස්සේ ගමන් කරන වතුකම්කරුවන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව වාර්තා වේ.
පැවති අධික වර්ෂාපතනයත් සමඟ කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙන් ප්රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ. ඒ හේතුවෙන් දෛනික ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇත.













