කුවේටයේ ගෘහ සේවක ශ්රම බලකායෙන් 86.1%ක් ඉන්දියාව, ශ්රී ලංකාව, පිලිපීනය සහ බංග්ලාදේශය යන රටවල ජාතිකයන්ගෙන් සමන්විත බව සිවිල් තොරතුරු පිළිබඳ රාජ්ය අධිකාරිය (PACI) නිකුත් කළ සංඛ්යාලේඛනවල දැක්වේ.
එම රටවල් හතරට අයත් ගෘහ සේවකයන්ගේ මුළු සංඛ්යාව 760,744ක් වන අතර, කුවේටයේ සමස්ත ගෘහ සේවක සංඛ්යාව 883,308ක් බව අදාළ දත්ත පෙන්වා දෙයි.
මෙම ශ්රම බලකායේ විශාලතම කණ්ඩායම ඉන්දියානු ජාතිකයන් වන අතර, ඔවුන්ගේ සංඛ්යාව 344,532කි. එය කුවේටයේ සමස්ත ගෘහ සේවක සංඛ්යාවෙන් ආසන්න වශයෙන් 39%ක් බව එම සංඛ්යාලේඛනවල සඳහන් වේ.













