ඇප මත මුදා හැරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ නවලෝක රෝහල වෙත මාරු කර යවා තිබේ.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, ඇයගේ සෞඛ්ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්යවරුන්ගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් ඇප මත මුදා හැරුණු ඇය, හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.
ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙලෙස නවලෝක රෝහල වෙත මාරු කර යවා ඇත්තේ වැඩිදුර වෛද්ය පරීක්ෂණ සහ ප්රතිකාර ලබාදීම සඳහා බව වාර්තා වේ.













