කොළඹ වරායේ මෙහෙයුම් නවීකරණය කිරීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය ඩොලර් මිලියන 17ක ආධාරයක් යටතේ අමෙරිකානු තාක්ෂණය හඳුන්වාදීමට නියමිත බව නිල වශයෙන් ප්රකාශයට පත් කර තිබේ. දකුණු ආසියාවේ උපායමාර්ගික සමුද්රීය මධ්යස්ථානයක් වන කොළඹ වරායේ මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම මෙම ව්යාපෘතියේ ප්රධාන අරමුණයි.
මෙම තාක්ෂණය හඳුන්වාදීමෙන් භාණ්ඩ හැසිරවීමේ සහ සැකසීමේ ක්රියාවලිය වේගවත් කිරීමටත්, නැව්ගත කිරීමේ ප්රමාදයන් අවම කිරීමටත් හැකි වනු ඇතැයි මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි. එමෙන්ම ව්යාපාරිකයන්ට සහ පාරිභෝගිකයන්ට දැරීමට සිදුවන පිරිවැය අඩු කරමින්, ශ්රී ලංකාව සහ අමෙරිකාව අතර සැපයුම් දාම තවදුරටත් ශක්තිමත් කිරීමටද මෙමගින් අපේක්ෂා කෙරේ.
මෙම ආයෝජනය මගින් භාණ්ඩ ප්රවාහනය සහ වෙළෙඳ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීමට මෙන්ම දෙරටේ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමටද අවස්ථාව සැලසෙන බව මෙරට අමෙරිකානු තානාපති එරික් මේයර් මහතා සඳහන් කරයි. තවද, වරාය මෙහෙයුම් සඳහා තාක්ෂණික විසඳුම් සපයන අමෙරිකානු සමාගම් සඳහා නව වාණිජ හා ව්යාපාරික අවස්ථා විවෘත කිරීමටද මෙම ව්යාපෘතිය දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














