කොළඹ බේරේ වැව ප්රතිසංස්කරණය කිරීමට සහාය වීම අරමුණු කරගනිමින් ආපදා කළමනාකරණය සඳහා වන ආසියා පැසිෆික් සන්ධානය (A-PAD SL) විසින් ‘පිරිසිදු ජල මාර්ග මුලපිරීමේ වැඩසටහන’ (Clean Waterways Initiative Programme) යටතේ සිය පළමු ක්රියාකාරකම දියත් කර ඇත.
ඔක්තෝබර් 8 වැනි දින ශ්රී උත්තරානන්ද මාවත තොටුපළේදී පැවැත්වුණු මෙම වැඩසටහන සඳහා ස්වේච්ඡා සේවකයන්, රජයේ ආයතන සහ හවුල්කාර සංවිධාන නියෝජනය කරමින් සහභාගී වූවන් 120කට අධික පිරිසක් එක්ව සිටියහ. බේරේ වැව ප්රතිසංස්කරණ කාර්ය සාධක බලකායේ මුලපිරීමක් ලෙස සංවිධානය කරන ලද මෙම අවස්ථාව, HSBC ශ්රී ලංකා සහ Clean Ocean Force Sri Lanka ආයතන සමඟ හවුල්කාරීත්වයෙන් ක්රියාත්මක විය. වැව අවට උපායමාර්ගික ස්ථානවල ජල දූෂණයට එරෙහි දැනුවත් කිරීමේ පුවරු එළිදැක්වීමෙන් අනතුරුව, අපද්රව්ය එකතුවන සහ දූෂණයට ලක් වූ ප්රදේශ හඳුනාගැනීම සඳහා ස්වේච්ඡා සේවකයන්ගේ සහභාගීත්වයෙන් සිතියම්ගත කිරීමේ ව්යායාමයක්ද මෙහිදී ක්රියාත්මක කරන ලදී.














