දැනට පවතින වර්ෂාවත් සමඟ බදුල්ල දිස්ත්රික්කයේ පිහිටි අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම අඟල් 8 බැගින් (240.88 කියුසෙක් ජල ප්රමාණයක්) විවෘත කිරීමට සිදුව තිබේ.
එම වාන් ජලය අග්ර ඔය හරහා ඩයගම, ලිඳුල, ආගරපතන සහ තලවකැලේ ප්රදේශ ඔස්සේ ඉහළ කොත්මලේ ජලාශයට ගලා බසින බැවින් අග්ර ඔයේ ජල මට්ටම ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ අනුව අග්ර ඔය දෙපස පහත්බිම්වල පදිංචි ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.














