ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ අගය අද (21) වාණිජ බැංකු කිහිපයක තවදුරටත් පහත වැටී තිබේ. ඒ අනුව බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රුපියල් 335ත් 336ත් අතර අගයක පවතී.
සෙලාන් බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රු. 327.40ක් දක්වාත්, විකුණුම් මිල රු. 336.65ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.
NDB බැංකුවේ ගැනුම් මිල රු. 327.30ක් වන අතර විකුණුම් මිල රු. 336.30කි. මහජන බැංකුවේ ගැනුම් මිල රු. 327.66ක් සහ විකුණුම් මිල රු. 335.79ක් ලෙස වාර්තා වේ.
කොමර්ෂල් බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රු. 325.83ක් දක්වාත්, විකුණුම් මිල රු. 335.75ක් දක්වාත් ඉහළ ගොස් ඇත. සම්පත් බැංකුවේ ගැනුම් මිල රු. 328ක් වන අතර විකුණුම් මිල රු. 336ක් ලෙස දැක්වේ.
මෙම විනිමය අනුපාත අදාළ බැංකු විසින් අද ප්රකාශයට පත් කළ අගයන් වන අතර බැංකුව අනුව අනුපාත වෙනස් විය හැකිය.
















