ඇතැම් කරුණු සම්බන්ධයෙන් මතභේද පැවතිය හැකි වුවද, දෙරටටම වැදගත් වන ප්රධාන විදේශ ප්රතිපත්ති සහ ජාතික ආරක්ෂක කරුණු සම්බන්ධයෙන් ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර ඉහළ මට්ටමේ එකඟතාවක් පවතින බව අමෙරිකානු රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝ පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ නවදිල්ලියේ පැවැති Freedom 250 හමුව අමතමින් ඔහු සඳහන් කළේ ඉන්දියාව බලවත්, බලපෑම් කළ හැකි මෙන්ම දියුණු රටක් බවත්, අමෙරිකාවට එය ශක්තිමත් පසුබිම් සහකරුවෙක් බවත්ය. ඉන්දු-පැසිෆික් කලාපය නිදහස් හා විවෘත කලාපයක් ලෙස පවත්වාගෙන යාමේ අවශ්යතාව පෙන්වා දුන් ඒ මහතා, පුද්ගල ගෞරවය, ප්රජාතන්ත්රවාදී මූලධර්ම සහ නීතියේ ආධිපත්යය වැනි පොදු වටිනාකම් රැසක් දෙරට අතර පවතින බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
















