ජනවරමේ පුරවැසියෝ සංවිධානය විසින් ඇඹිලිපිටිය නගරයේදී විරෝධතා පාගමනක් සහ ජන රැලියක් පවත්වා තිබේ.
ඇඹිලිපිටිය පල්ලේගම කාවන්තිස්ස රජමහා විහාරස්ථානය අසලින් ආරම්භ වූ විරෝධතා පාගමන ඇඹිලිපිටිය බස් නැවතුම්පළ අසලට පැමිණීමෙන් අනතුරුව ජන රැලිය පැවැත්වුණි.
මහා සංඝරත්නය, විද්වතුන් සහ ව්යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, එහිදී ඔවුන් අවධාරණය කර ඇත්තේ නීතිය සැමට සමාන විය යුතු බවයි.
















