ආනයනික කීරි සම්බා සහල් කිලෝග්රෑමයක් පාලන මිල ඉක්මවා අලෙවි කිරීම සම්බන්ධයෙන් වැලිමඩ ප්රදේශයේ සුපිරි වෙළෙඳසැලකට රුපියල් 500,000ක දඩයක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගොනු කළ නඩුවකට අදාළව මෙම දඩය නියම කර ඇත. එහිදී ආනයනික කීරි සම්බා සහල් කිලෝග්රෑමයක් රුපියල් 255ක උපරිම සිල්ලර මිලට වඩා රුපියල් 5ක් වැඩියෙන්, එනම් රුපියල් 260කට අලෙවි කර තිබේ.
2025 දෙසැම්බර් 4 වැනිදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්රික් කාර්යාලයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී මෙම මිල ඉක්මවා අලෙවි කිරීම අනාවරණය වී ඇත. එහිදී විමර්ශන නිලධාරියෙකු ආනයනික කීරි සම්බා (GR 11) සහල් කිලෝග්රෑමයක් රුපියල් 260කට මිලදී ගෙන තිබේ.
අත්යවශ්ය භාණ්ඩ සඳහා නියම කර ඇති මිල ගණන් පිළිපැදීම සහ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා දිවයින පුරා වැටලීම් හා පරීක්ෂණ අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි. මිල ඉක්මවා අලෙවි කිරීම ඇතුළු පාරිභෝගික නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව 1977 දුරකථන අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලා තිබේ.
















