බදු පැහැර හැරීම් සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ අරමුණින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමකට අද (21) අත්සන් තබා තිබේ.
මුදල් අමාත්යාංශයේදී පෙරවරු 9ට අත්සන් තැබුණු මෙම ගිවිසුම යටතේ දෙපාර්තමේන්තු දෙක අතර බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමටත්, එම තොරතුරු මත පදනම්ව සමාන්තර විමර්ශන සිදුකිරීමටත් ඒකාබද්ධ යාන්ත්රණයක් ස්ථාපිත කිරීමට නියමිතය.
2026 අංක 16 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත අනුව, අගෝස්තු 4 වැනිදා සිට දේශීය ආදායම් පනතේ 189 වැනි වගන්තිය යටතේ වන බදු පැහැර හැරීම් සම්බන්ධ වැරදි සහ සුරාබදු ආඥා පනත යටතේ වන වැරදි මුදල් විශුද්ධිකරණයට අදාළ නීති විරෝධී ක්රියාකාරකම් ලෙස සැලකේ.
මෙම ගිවිසුම මඟින් බදු පැහැර හැරීම් සම්බන්ධ විගණන කටයුතු පුළුල් කිරීම, නීති විරෝධී මූල්ය ප්රවාහ අවම කිරීම සහ රාජ්ය ආදායම් රැස්කිරීම වඩාත් විධිමත් කිරීම අපේක්ෂා කෙරේ.
නියෝජ්ය භාණ්ඩාගාර ලේකම් ඒ.එන්. හපුගල මහතාගේ ප්රධානත්වයෙන් පැවති අවස්ථාවේදී දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්රනාන්දු මහත්මිය සහ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා ගිවිසුමට අත්සන් තැබූහ.













