වැසි තත්ත්වයත් සමඟ ඇති විය හැකි ඩෙංගු අවදානම පාලනය කිරීම සඳහා නොවැම්බර් 02 වනදා සිට 08 වනදා දක්වා දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්ය කපිල කන්නන්ගර මහතා පවසයි.
‘ක්ලීන් ශ්රී ලංකා’ ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙම මෙහෙයුම ක්රියාත්මක කෙරෙන අතර, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්ය හමුවකදී ඒ මහතා අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරියේදී පැමිණෙන ඊසානදිග මෝසම් වැසි සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ඩෙංගු ව්යාප්තියේ අවදානමක් පවතින බවයි. පසුගිය ජූනි සහ ජූලි මාසවල පැවැති අධි වසංගත තත්ත්වය වළක්වා ගැනීමට කල්තියා පරිසරය පිරිසිදු කිරීම අත්යවශ්ය බැවින් නිවාස, රාජ්ය ආයතන, කර්මාන්තශාලා සහ වැඩබිම් පිරිසිදුව තබා ගැනීමට සියලු පාර්ශ්වවල සහාය අවශ්ය බව ද වෛද්ය කපිල කන්නන්ගර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














