දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි තුන බැගින්ද, තවත් වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින්ද, ඉතිරි වාන් දොරටු දෙක අඩිය බැගින්ද විවෘත කර ඇති බව වාර්තා වේ.
පවතින තත්ත්වය මත ජලාශයෙන් තත්පරයට ඝණ අඩි 8,400ක ජල ප්රමාණයක් දැදුරු ඔය වෙත නිකුත් කෙරෙමින් පවතින බැවින්, ජලාශයට පහළ කොටසේ දැදුරු ඔය දෙපස සහ ඒ ආසන්න ප්රදේශවල පදිංචි ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් කර සිටියි.














