මෙරට උද්ධමනය ගිය සැප්තැම්බර් මාසයේදී ද සියයට 8.1 ක මට්ටමක පවතින බව ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව විසින් සැප්තැම්බර් මාසයට අදාළව නවතම ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් මෙම දත්ත අනාවරණය කර තිබේ. ඒ අනුව, සැප්තැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 6.9 දක්වා සුළු ඉහළ යාමක් පෙන්නුම් කර ඇති අතර, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 9.1 දක්වා සුළු පහළ යාමක් වාර්තා කර ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.













