අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම සඳහා අදාළ නඩු ගොනුව ගම්පහ මහේස්ත්රාත් බන්දුල ගුණරත්න මහතා විසින් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත නිල වශයෙන් යොමු කර තිබේ. මත්ද්රව්ය නඩු දෙකකට අදාළව අධිකරණය විසින් ලබාදුන් නියෝග නිසි ලෙස ක්රියාත්මක නොකිරීම මෙන්ම පොලිස්පතිවරයා අධිකරණය හෑල්ලුවට ලක් කරමින් උසාවිය නොමඟ යැවීමට උත්සාහ කර ඇති බවට පෙනී යන්නේ යැයි සඳහන් කරමින් මහේස්ත්රාත්වරයා මෙම දැඩි තීරණය ගෙන ඇත.














