2026 ඔක්තෝබර් 21 වැනිදා සවස දෙනියාය පොලිස් වසමේ දෙනියාය–බෙවර්ලිය මාර්ගයේ කන්දිල්පාන පාලම අසලදී බස් රථයකට යටවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
දෙනියායේ සිට බෙවර්ලිය දෙසට ධාවනය වූ බස් රථය බස් නැවතුමක මගීන් බැස්සවීම සඳහා නතර කර නැවත ධාවනය කිරීමට පටන්ගත් අවස්ථාවේදී, එම බස් රථයෙන් බැසගිය මගියෙකු බස් රථයේ ඉදිරිපස ගැටී රථයට යටවී ඇති බව පොලිසිය සඳහන් කරයි.
අනතුරින් එම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබේ. මියගිය පුද්ගලයා වයස අවුරුදු 56ක් වන දෙනියාය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, දෙනියාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.














