හෙරොයින් සහ අයිස් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි බවට සැක කෙරෙන කාන්තාවක් ග්රෑන්ඩ්පාස් ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ඇය සතුව තිබී අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 1යි ග්රෑම් 45ක්, හෙරොයින් කිලෝග්රෑම් 1යි ග්රෑම් 86ක්, විද්යුත් තරාදියක්, මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 8යි පනස් දහසක මුදලක් සහ ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය 46 හැවිරිදි ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ පදිංචිකාරියකි. ඇය මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.












