රුපියල් 492,000ක පමණ වටිනාකමකින් යුත් නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව අලුත්කඩේ ප්රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම දුම්වැටි තොගය සොයාගෙන ඇත.
එහිදී දුම්වැටි 4,600ක් අඩංගු බණ්ඩල් 23ක් සොයාගෙන ඇති අතර, එම තොගයේ වටිනාකම රුපියල් 492,000ක් පමණ වන බව අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු කෙසෙල්වත්ත පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබයි.













