පොල්ගහෙල ප්රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන ප්රාදේශීය සභා මන්ත්රී දිනේෂ් විජේසිංහ මහතා ලබන මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මන්ත්රීවරයා විසින් පවත්වාගෙන යනු ලබන ප්රසිද්ධ බිස්කට් සමාගමක ඒජන්සියක සේවය කළ 20 හැදිලි තරුණියක් ලිංගික අතවරයට ලක්කිරීමේ චෝදනාව මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් කර ඇති බව වාර්තා වේ.














