ජනාධිපතිවරයා සහ අමාත්ය මණ්ඩලය නොමඟ යවමින් මෙරටට පාම් තෙල් ආනයනය කිරීමේ සීමාවන් ඉවත් කිරීමට මුදල් අමාත්යාංශයේ නිලධාරීන් පිරිසක් කටයුතු කරමින් සිටින බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්යාපාරය චෝදනා කරයි.
එහි සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ, එම උත්සාහයන් ව්යර්ථ කරමින් පාරිභෝගිකයන්ගේ සෞඛ්ය සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.
2021 වසරේදී විද්වත් මණ්ඩලයක් ගත් තීරණයකට අනුව පාරිභෝගිකයන්ගේ සෞඛ්ය සහ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් පාම් තෙල් ආනයනයට සීමා පැනවූ බව රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
එම ප්රතිපත්තිය වත්මන් රජය ද අනුගමනය කරමින් සිටියදී, අයවැය යෝජනාවක් හරහා නැවත පාම් තෙල් ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමේ සූදානමක් පවතින බවට ද ඔහු චෝදනා කළේය.














