48cc හෝ 50ccට අඩු එන්ජින් ධාරිතාවක් සහිත යතුරුපැදි ලියාපදිංචි කිරීම අනිවාර්ය බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්, විශ්රාමික එයාර් මාෂල් තුෂාර ප්රනාන්දු මහතා අවධාරණය කරයි.
අද (22) පැවති මාධ්ය හමුවකදී ඔහු සඳහන් කළේ, මෙම කාණ්ඩයට අයත් යතුරුපැදි ලියාපදිංචි කිරීම අවශ්ය නොවන බවට ඇතැම් යතුරුපැදි අලෙවිකරුවන් ප්රකාශ කරන බවට නිරීක්ෂණය වී ඇති බවයි.
එබැවින් මෙවැනි යතුරුපැදි මිලදී ගැනීමේදී නිසි රේගු ලියකියවිලි සහිත යතුරුපැදි පමණක් මිලදී ගැනීමට පාරිභෝගිකයන් වගබලා ගත යුතු බව ද ඔහු පැවසීය.
ලියාපදිංචි නොකළ මෙවැනි යතුරුපැදි පොදු මාර්ගවල ධාවනය කරමින් සිටියදී හසුවුවහොත්, පොලීසිය විසින් නීතිමය පියවර ගෙන දඩ නියම කිරීමට ඉඩ ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















