අද (22) සිට විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්යතාවක් නොමැති බව ජාතික පද්ධති ක්රියාකරු සමාගම (NSO) පවසයි.
නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ දෙවන ජනන ඒකකය මෙගාවොට් 270ක පූර්ණ ධාරිතාවයෙන් යළි ක්රියාත්මක කිරීමත් සමඟ සාමාන්ය පරිදි විදුලිය සැපයීමට හැකි වන බව එම සමාගම සඳහන් කරයි. අදාළ ජනන ඒකකය අද පස්වරු 1.31ට පූර්ණ ධාරිතාවයෙන් ක්රියාත්මක වූ බව ද වාර්තා වේ.
ඒ අනුව, පසුගිය 19 වැනිදා සිට 21 වැනිදා දක්වා ක්රියාත්මක කළ විදුලි ඉල්ලුම කළමනාකරණ වැඩසටහන අද සිට අවසන් වනු ඇත.
පසුගිය 17 වැනිදා සම්ප්රේෂණ පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන් පෙරවරු 11.43ට දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක් සිදු වූ අතර, එමඟින් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්ර තුනම අක්රිය විය.
ඉන් අනතුරුව විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා දිවයින කලාප හතරකට බෙදා පසුගිය 19, 20 සහ 21 යන දිනවල දෛනික විදුලි කප්පාදුවක් ක්රියාත්මක කිරීමට පියවර ගෙන තිබිණි.
එම කාලසීමාව තුළ මහජනතාව දැක්වූ සහයෝගයට ස්තුතිය පළ කරන ජාතික පද්ධති ක්රියාකරු සමාගම, ඇති වූ අපහසුතා පිළිබඳව ද කනගාටුව පළ කර තිබේ.













