කොළඹ ආමර් වීදියේ බාබර් හන්දිය, මාලිගාවත්ත මුස්ලිම් පල්ලිය අසල ප්රදේශය, සංඝරාජ මාවත සහ බ්ලූමැන්ඩල් මාවත ජලයෙන් යටවීම හේතුවෙන් එම ප්රදේශවල රථවාහන තදබදයක් හටගෙන තිබේ.
මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බව පොලීසිය සඳහන් කරයි.
එබැවින් එම මාර්ග භාවිත කරන රියදුරන්ට අවධානයෙන් රිය ධාවනය කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.













