අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්යස්ථානයේ ප්රතිකාර ලබා සුවය ලැබූ වන සතුන් රැසක් සුදුසු ස්වාභාවික පරිසරයන් වෙත මුදාහැරීම පසුගිය 14 වැනිදා සිදුකර තිබේ.
වනජීවී පශු වෛද්ය ප්රමුදිත දේවසුරේන්ද්ර මහතාගේ මූලිකත්වයෙන් සිදුකළ මෙම වැඩසටහනේදී තිත් මුවන් 6 දෙනෙකු, කළු වඳුරන් 13 දෙනෙකු, කබල්ලෑවෙකු, හඳුන් දිවියෙකු, සර්පයන් 11 දෙනෙකු, තාරකා ඉබ්බන් 8 දෙනෙකු සහ රිළවුන් 6 දෙනෙකු ඇතුළු වන සතුන් පිරිසක් නිදහස් පරිසරයට මුදාහැර තිබේ.
බස්නාහිර වනජීවී කලාපයේ අවතැන් වන සහ විවිධ ආබාධ හා තුවාලවලට ලක්වන වන සතුන්ට ප්රතිකාර ලබාදෙන පශු වෛද්ය මධ්යස්ථානයක් ලෙස අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්යස්ථානය කටයුතු කරයි.
දෛනිකව වන සතුන් විශාල පිරිසක් මෙම මධ්යස්ථානය වෙත රැගෙන එන අතර, සුළු තුවාල සහිත හෝ බරපතළ ආබාධ නොමැති වන සතුන් ඔවුන්ගේ සුපුරුදු පරිසරයෙන් ඉවත් කිරීමෙන් විවිධ ගැටලු මතුවිය හැකි බව වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.
එමඟින් පැටවුන්ට මව් සතුන් අහිමි වීම, නුපුරුදු පරිසරවලදී වෙනත් සතුන්ගේ ප්රහාරවලට ලක්වීම සහ පාරිසරික වෙනස්කම් හේතුවෙන් පැවැත්මට බාධා ඇතිවීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකිය.
ඒ අනුව, ආබාධ රහිතව හෝ සුළු තුවාල සහිතව සිටින වන සතුන් හමුවූ විට ඔවුන්ගේ සුපුරුදු පරිසරයෙන් ඉවත් කිරීමට කටයුතු නොකරන ලෙස වනජීවී නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
















