ශ්රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර ඇති බව කියන තර්ජනාත්මක සටහනක් සම්බන්ධයෙන් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
YOUTH FOR CHEnge සංවිධානය අද (22) නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත්තේ, “Think Twice Before You Open Your Mouth” යන පණිවිඩය සහිත ෆේස්බුක් සටහන සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.
එම සටහන තර්ජනාත්මක ස්වභාවයක් ගන්නා බව පවසන සංවිධානය, ඒ සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලක් මානව හිමිකම් කොමිසම වෙත භාර දී තිබේ.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීම සඳහා YOUTH FOR CHEnge සංවිධානයේ ජාත්යන්තර කටයුතු ලේකම් ශක්ති මකවිට, ජාතික කමිටු සාමාජික උදාර සඳරුවන් සහ කොළඹ දිස්ත්රික් කමිටු සාමාජික ටෙරන්ස් රොද්රිගෝ එක්ව සිටියහ.
















