ජාත්යන්තර අත්කම් නිර්මාණ ප්රදර්ශනය – 2026 ඊයේ (22) කොළඹ මහජන පුස්තකාල පරිශ්රයේදී ආරම්භ වී තිබේ.
Ceylon Craft Community හි සභාපති සම්පත් ඇරහැපොළ මහතාගේ සංවිධානයෙන් පැවැත්වෙන මෙම ප්රදර්ශනය වෘත්තීය අධ්යාපන නියෝජ්ය අමාත්ය නලින් හේවගේ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කර ඇත.
ඉන්දියාව, උස්බෙකිස්තානය, බංග්ලාදේශය, නේපාලය සහ මියන්මාරය ඇතුළු රටවල් කිහිපයක නිර්මාණ ශිල්පීන් ද ප්රදර්ශනයට එක්ව සිටිති.
මෙරට අත්කම් නිර්මාණ ශිල්පීන්ට සිය නිර්මාණ ජාත්යන්තර ප්රජාව වෙත හඳුන්වා දීමටත්, නව වෙළෙඳපොළ අවස්ථා සොයා ගැනීමටත් මෙම ප්රදර්ශනය වැදගත් වේදිකාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙරට අත්කම් නිර්මාණ පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන සංස්කෘතික උරුමයක් පමණක් නොව, ජාතික ආර්ථිකයට ද දායක වන වටිනා සම්පතක් බව නියෝජ්ය අමාත්ය නලින් හේවගේ මහතා සඳහන් කළේය.
සංචාරක කර්මාන්තය හා අත්කම් නිර්මාණ ක්ෂේත්රය සම්බන්ධ කරගනිමින් දේශීය ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා දේශීය හා ජාත්යන්තර වෙළෙඳපොළ පුළුල් කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.
වෘත්තීය අධ්යාපනය හරහා ශිල්පීන්ගේ කුසලතා හඳුනාගෙන, ඔවුන්ට දේශීය හා ජාත්යන්තර පිළිගැනීමක් ලබාදීමට අවශ්ය වැඩපිළිවෙළ ක්රියාත්මක කිරීමට රජය කටයුතු කරන බව ද නියෝජ්ය අමාත්යවරයා පැවසීය.
දේශීය අත්කම් උරුමය සංරක්ෂණය කරමින් නව වෙළෙඳපොළ අවස්ථා සමඟ සම්බන්ධ කිරීම තුළින් ශිල්පීන්ගේ ආදායම් මාර්ග පුළුල් කිරීමටත්, ශ්රී ලංකාවේ නිර්මාණශීලී කර්මාන්තය ප්රවර්ධනය කිරීමටත් මෙම ප්රදර්ශනය දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















