ඉදිරි දින තුන ඇතුළත ලිට්රෝ ගෑස් සිලින්ඩර 350,000ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
ගෑස් මෙට්රික් ටොන් 3,900ක් රැගත් CORINTHIAN නෞකාව ඊයේ (22) මෙරටට ළඟා වී ඇති අතර, එහි ගෑස් ගොඩබෑමේ කටයුතු ද එදින පස්වරුවේ ආරම්භ කර තිබේ.
මෙම ගෑස් තොගය ලැබීමත් සමඟ දිවයින පුරා ගෑස් බෙදාහැරීම අඛණ්ඩව සිදුකිරීමට හැකි බව සමාගම සඳහන් කරයි. ඒ අනුව පාරිභෝගිකයන්ට සුපුරුදු පරිදි ගෑස් සිලින්ඩර ලබාගැනීමේ පහසුකම පවතින බව ද දැනුම් දී තිබේ.
එමෙන්ම අනවශ්ය ලෙස ගෑස් තොග රැස්කර ගැනීමෙන් වළකින ලෙස ද ලිට්රෝ ගෑස් සමාගම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.













