2026 ඔක්තෝබර් 22 වැනිදා අලුයම චුන්නාකම් පොලිස් වසමේ යාපනය – කන්කසන්තුරේ මාර්ගයේ ඉනුවිල් කන්දසාමි කෝවිල හන්දිය අසලදී සිදුවූ රිය අනතුරකින් පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අතුරු මාර්ගයක සිට පැමිණි ටිපර් රථයක් කන්කසන්තුරේ දෙසට හැරවීමට යාමේදී මාර්ගය අයිනේ ගමන් කරමින් තිබූ පාපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මරණකරු 67 හැවිරිදි යාපනය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, චුන්නාකම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















