Marine Drive හි කුඩා Food Truck එකකින් 2016 වසරේදී ආරම්භ වූ Street Burger සන්නාමය සිය දසවැනි සංවත්සරය 2026 ඔක්තෝබර් මාසයේදී සමරයි. දේශීය පාරිභෝගික රුචිකත්වයට ගැළපෙන බර්ගර් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් ආරම්භ වූ මෙම ව්යාපාරය අද වන විට අවන්හල් 8ක් දක්වා ව්යාප්ත වී තිබේ.
Street Burger ආරම්භ කළ සම-නිර්මාතෘවරුන් වන තරීක් ෂිබ්ලි සහ මසූන් සමූන් විදේශීය ආහාරපාන ක්ෂේත්රයේ අත්දැකීම් දේශීය වෙළෙඳපොළට ගෙන එමින් මෙම ව්යාපාරය ගොඩනැඟූහ. සාම්ප්රදායික අවන්හලකට වඩා වෙනස්ව Food Truck එකකින් ආරම්භ කිරීම, පාරිභෝගිකයන් සමඟ සෘජුව සම්බන්ධ වීමටත් ව්යාපාරික සංකල්පය අත්හදා බැලීමටත් අවස්ථාවක් වූ බව සමාගම සඳහන් කරයි.
පසුව සිම්රාන් සෆරුල්ලා සහ ෂසාඩ් ෆවුස් ද ව්යාපාරය සමඟ එක්ව ඇති අතර, Street Burger හි ව්යාප්තියත් සමඟ Adikted නමින් තවත් ආහාර සන්නාමයක්ද හඳුන්වා දී තිබේ. නැවුම් අමුද්රව්ය, ගුණාත්මකභාවය සහ දේශීය රසයන්ට ගැළපෙන ආහාරපාන සැපයීම තම ව්යාපාරයේ ප්රධාන අරමුණු බව සමාගම පවසයි.
දසවැනි සංවත්සරය වෙනුවෙන් අදහස් දක්වමින් සම-නිර්මාතෘවරුන් සඳහන් කර ඇත්තේ, ආරම්භයේ සිට මේ දක්වා තමන් කෙරෙහි විශ්වාසය තැබූ පාරිභෝගිකයන්ට සහ ව්යාපාරය සමඟ එක්ව කටයුතු කළ සියලු දෙනාට කෘතඥතාව පළ කරන බවයි. කුඩා ව්යාපාරික සංකල්පයකින් ආරම්භ වූ Street Burger හි ගමන්මඟ දේශීය ව්යවසායකත්වයේ වර්ධනය පිළිබඳ උදාහරණයක් ලෙසද හඳුන්වා දී තිබේ.













