ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාරමහාදේවි උද්යානයේ සත්යග්රහයක නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අද (23) පෙරවරුවේ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට පැමිණියහ.
ඒ අතර පූජ්ය උලපනේ සුමංගල හිමි, පූජ්ය බලංගොඩ කස්සප හිමි, මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ කිහිපනමක්ද සිටියහ.
විහාරමහාදේවි උද්යානය ඉදිරිපිට බුදු පිළිමය අසල පරිශ්රය ඇතුළු ස්ථාන කිහිපයක සහ මාර්ග කිහිපයක අඛණ්ඩව රැඳී සිටීමෙන් වළකින ලෙස අධිකරණය නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් මෝසමක් මගින් කරුණු වාර්තා කිරීම සඳහා ඔවුන් අධිකරණයට පැමිණි බව වාර්තා වේ.
කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් විසින් අදාළ අධිකරණ නියෝගය සත්යග්රහයේ නිරත පිරිසට ඊයේ (22) පස්වරුවේ භාරදී තිබුණි. එහෙත් එම පිරිස තවදුරටත් උද්යාන පරිශ්රයේ රැඳී සිටින බව වාර්තා වේ.













