2026 වසර සඳහා වන අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන්ට අදාළ ප්රායෝගික පරීක්ෂණ ලබන 27 වැනි දින සිට නොවැම්බර් මස 06 වැනි දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. අදාළ විභාග කටයුතු සැලසුම් කර ඇති පරිදි නිසි ලෙස ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය මූලික සූදානම් කිරීම් සිදු කර ඇති අතර, විභාග අපේක්ෂකයන් ඒ පිළිබඳව කල් ඇතිව දැනුවත් වී කටයුතු කරන ලෙස බලධාරීහු දන්වා සිටිති.













